Thursday, May 2, 2024

General line - 0115112241

ජනපතිගේ ඉන්දිය සංචාරය ඇරඹෙයි




දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟාවී තිබෙනවා. ඉන්දිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වී.මුරලිදරන් විසින් ජනාධිපතිවරයාව ගුවන්තොටුපලේදී පිළිගනු ලැබූ බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ. ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදිගේ අරාධනයකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය සිදුකෙරෙනවා.