Thursday, May 2, 2024

General line - 0115112241

චීනයේ පාසැල් ක්‍රීඩා ගාරයක වහලය කඩා වැටීමෙන් 11 දෙනෙකු මරුට




ඊසාන දිග චීනයේ පාසැල් ක්‍රීඩා ගාරයක වහලය කඩා වැටීමෙන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අදාළ පාසලේ වොලිබෝල් කණ්ඩායම ක්‍රීඩාගාරය තුළ පුහුණුවිම්වල නිරතව සිටියදී එම අනතුර සිදුව ඇති බවයි.

චීනයේ කාර්මික පළාතක් වන හයිලෝන්ජියෑන්හි පිහිටි පාසලක එම අනතුර සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 19 දෙනෙකු එම ක්‍රීඩාගාරය තුළ රැඳී සිට ඇති අතර මේ අතරින් පුද්ගලයින් 08 දෙනෙකු දිවි බේරාගෙන ඇති බවද විදෙස් වාර්තාවල වැඩිදුරටත් දැක්වෙනවා.