Monday, April 29, 2024

General line - 0115112241

ගෝලීය උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට




ගෝලීය සාගර උෂ්ණත්වය මෙම සතියේදී වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය පෘථිවියේ දේශගුණය, සමුද්‍ර ජීවීන් සහ වෙරළබඩ ජනතාවට දැඩි බලපෑම් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. යුරෝපීය සංගමයේ දේශගුණ නිරීක්ෂණ දත්තවලට අනුව ඊයේ දිනයේ සාගර මතුපිට උෂ්ණත්වය සෙල්සියස් අංශක 20යි දශම 9යි 6 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මීට පෙර ඊට ආසන්න අගයක් වාර්තා වී ඇත්තේ 2016 වසරේදීයි. එම අගය සෙල්සියස් අංශක 20යි දශම 9යි5 ක්. මෙලෙස ගෝලීය සාගර උෂ්ණත්වය ඉහළ යාමට මූලික වශයෙන් බලපා ඇත්තේ මිනිස් ක්‍රියාකාරකම් බවයි විද්‍යාඥයින් පවසන්නේ. ඔවුන් පවසන පරිදි කාර්මික යුගයේ ආරම්භයේ සිට මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් නිපදවන අතිරික්ත තාපයෙන් සියයට 90ක් සාගර විසින් අවශෝෂණය කරගෙන ඇතැයි සඳහන්.