Friday, May 17, 2024

General line - 0115112241

රුසියාවෙන් යුක්රේනයේ රගහලකට ප්‍රබල මිසයිල ප්‍රහාරයක්




යුක්රේනයේ චර්නිව් නගරයේ රගහලකට ප්‍රබල මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.  

විදෙස් මාධ්‍ය පැවසුවේ රුසියාව විසින් එල්ල කළ එම මිසයිල ප්‍රහාරය හමුවේ පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 144 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාලකරැවන් අතර සිටින 15 දෙනෙකු කුඩා ළමුන් බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරයෙන් චර්නිව් ප්‍රදේශයේ පිහිටි විශ්ව විද්‍යාලයක ගොඩනැගිල්ලක් ද විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ද අවධානය යොමු වන අතර ඔවුන් එය හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

මේ අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේන හමුදාව ඉක්මනින් රුසියාවට ප්‍රතිචාර දක්වනු ඇතැයි එරට ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පැවසුවා.