Friday, May 17, 2024

General line - 0115112241

තායිවානය ආසන්නයේ චීනය යුධ අභ්‍යාසයක් අරඹයි




තායිවානය අවට මුහුදු හා ගුවන් සීමාව තුළ චීනය යුධ අභ්‍යාසයක් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව චීන හමුදාව තායිවාන දූපත වටා ඒකාබද්ධ නාවික හා ගුවන් මුර සංචාර සහ යුධ අභ්‍යාසයක් දියත් කර ඇති බවයි චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේ.

ගුවන් සහ මුහුදු කලාපයේ  බලය අල්ලා ගැනීමට හා සටන් පුහුණු මෙහෙයුමක් ලෙස මෙම හමුදා අභ්‍යාසය හඳුන්වා දී ඇති නමුත් එය කුමන පරිමාණයක හමුදා අභ්‍යාසයක් දැයි චීන මාධ්‍ය මෙතෙක් වාර්තා කර නැහැ.

කෙසේවෙතත් මෙවැනි යුධ අභ්‍යාසයක් සිදු කරන බවට චීනය මීට පෙර අවවාදාත්මකව තායිවානය වෙත දන්වා තිබුණා.

ඒ තායිවාන උප ජනාධිපති විලියම් ලායිගේ නිව්යෝර්ක් සංචාරයට විරෝධය  පළ කරමින්. එම සංචාරය සම්බන්ධයෙන් චීනය තායිවානයට අනතුරු ඇගවීමක් ද සිදු කළා.

එහෙත් තායිවාන උප ජනාධිපති විලියම් ලායි පැවසුවේ චීනයේ අනතුරු ඇගවීම් හමුවේ පසු නොබසින බවයි.

චීනය විසින් තායිවානය සිය භූමියට අයත් කොටසක් ලෙස හඳුන්වනු ලබනවා.

එහෙත් තායිවානය පවසන්නේ තමන් ස්වාධීන රාජ්‍යයක් බැවින් චීනයට යටත් නොවන බවයි.