උද්ධමනය පහළ ගියද රටේ භාණ්ඩ හා සේවා, සාමාන්‍ය මිල මට්ටම දක්වා පහළ ගොස් නොමැති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ පවසනවා.
ඒ අනුව, ජනතාවගේ ජීවන වියදම පහළ ගොස් නොමැති බවයි ඔහු පෙන්වා දුන්නේ.
එවන් පසුබිමක් තුළ උද්ධමනය පහළ යාමෙන් මෙරට ජනතාවට වාසියක් අත් නොවන බවද මහාචාර්ය වසන්ත අතුකෝරාළ වැඩිදුරටත් පැවසුවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මෙරට උද්ධමනය සියයට 4යි දශම 6ක් දක්වා පහත වැටී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.ජුනි මාසයේ මෙරට උද්ධමනය සියයට 10 යි දශම 8ක් ලෙස පැවතුණා.
ජූනි මාසයේ සියයට 2යි දශම 5ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනයද ජූලි මාසයේ සියයට ඍණ 2යි දශම 5ක් දක්වා පහත වැටී තිබෙනවා.
එමෙන්ම, ජූනි මාසයේදී සියයට 18යි දශම 3ක් වූ ආහාර නොවන ඛාණ්ඩයේ උද්ධමනයද ජූලි මාසයේ සියයට 10යි දශම 09ක් දක්වා සැලකිය යුතු අගයකින් පහත වැටී ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.