Saturday, November 16, 2024

General line - 0115112241

පශ්චාත් මැතිවරණ සමයේ නීති කඩන පිරිස් සොයා පොලිසිය ගමට යයි




පශ්චාත් මැතිවරණ සමයේදී ද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

ඒ අනුව, බුද්ධි අංශ නිලධාරින් හරහා ගම් මට්ටමින් අදාළ තොරතුරු ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. 

පශ්චාත් මැතිවරණ සමයේදී නීති කඩන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.