Sunday, May 5, 2024

General line - 0115112241

ප්‍රංශයේ පාසල්වලට අබායා ඇඳුම් තහනම්




රජයේ පාසල්වල අධ්‍යාපනය ලබන මුස්ලිම් ගැහැණු ළමුන් අබායා ඇඳුම් ඇඳීම තහනම් කිරීමට ප්‍රංශය සූදානම් වනවා. එරට අධ්‍යාපන අමාත්‍ය ගේබි්‍රයෙල් ඇටල් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ප්‍රංශයේ නව පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත පසුබිමක් තුළයි.අබායා ඇඳුම්වලින් සැරසී තවදුරටත් පාසල්වලට පැමිණීමට නොහැකි බව තමන් තීරණය කර ඇතැයි ද ඔහු පවසා තිබෙනවා.

සිසුන් පන්ති කාමරයකට පැමිණෙන විට, ඔවුන් දෙස බලා ඔවුන්ගේ ආගම හඳුනා ගැනීමට නොහැකි විය යුතු  බවයි ප්‍රංශ අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. ප්‍රංශය 2004 වසරේදී පාසල් තුළ හිස් ආවරණ පැළඳීම තහනම් කළා. එමෙන්ම පාසල් තුළ සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කිරීම ද තහනම් කිරීමට ප්‍රංශය 2010 වසරේදී පියවර ගත් අතර ඒ සම්බන්ධයෙන් ප්‍රංශ රජයට මුස්ලිම් ප්‍රජාවගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.