Saturday, July 27, 2024

General line - 0115112241

පරාජය අමතක කර ක්‍රීඩකයින්ගේ විශ්වාසය ගොඩනැගිය යුතු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුගෙන් ප්‍රකාශයක්




ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදි ලැබූ අමිහිරි පරාජය අමතක කර ශ්‍රී ලංකා පිළ ඵළඹෙන ලෝක කුසලාන තරගාවලියට සූදානම් විය යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

ලෝක කුසලාන තරගාවලියේදි සාර්ථකත්වයට පැමිණීම සදහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කුළ විශ්වාසය ගොඩනැගිය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරුවා පැවසුවේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයෙන් පසු පැවති මාධ්‍ය හමුවට ඵක්වෙමින් ඔහු මෙම අදහස් පළකළා. 


ඉන්දීය කණ්ඩායමේ පන්දු යැවීම මෙම තරගයේදි විශිෂ්ඨ තත්ත්වයක පැවති බවද ක්‍රිස් සිල්වර්වුඩ් ඵහිදී සදහන් කළා. ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජය බලාපොරොත්තු බිදවැටීමක් බවත් සිය කණ්ඩායමේ පිතිකරණය පිලිබද අදහස් පළ නොකරන බවත් ශ්‍රීලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ඵහිදී වැඩිදුරටත් පැවසුවා.