Monday, April 29, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්තානයට තවත් ප්‍රභල භූ කම්පනයක්




බටහිර ඇෆ්ගනිස්තානයට අද උදෑසන රිච්ටර් මාපක 6 යි දශම 3 ක ප්‍රභල භූ කම්පනයක බලපෑම් එල්ල වී තිබෙනවා.

ඒ 2,400 කට වැඩි පිරිසකට මරු කැඳවමින් ඉකුත්දා සිදුවූ රිච්ටර් පරිමාණ ඒකක 6 යි දශම 5 ක ප්‍රභල භූ කම්පනයකින් අනතුරුවයි.

අද අළුයම බලපෑ භූ කම්පනයේ බලපෑම් එල්ලවී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ හේරාට් ප්‍රාන්තයටයි.

ඉන් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති නමුත් මියගිය පුද්ගලයින් පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නෑ.

භූ කම්පනය සිදුව ඇත්තේ අළුයම බැවින් එම අවස්ථාවේදී බොහෝ පිරිස් සිය නිවෙස් තුළ නිදා සිටි බවයි වාර්තා වන්නේ.

ඉකුත්දා සිදුවූ භූ කම්පනය ද හේරාට් ප්‍රාන්තය කේන්ද්‍ර කර ගනිමින් සිදු වුණා.