Monday, April 29, 2024

General line - 0115112241

අපොස සා. පෙළ විභාගයේ ප්‍රතිඵල නොවැම්බර් මාසයේ



අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය විභාගයේ ප්‍රතිඵල ලබන මස අග භාගයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

2022 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ සාමාන්‍ය පෙළ විභාගය මේ වසරේ මැයි මාසයේදී පැවැත්වුණා. 

මේ අතර, ඊයේ නිමාවට පත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය පිටවීම සම්බන්ධයෙන් එම විභාග මධ්‍යස්ථානවල සිටි නිලධාරීන් කැඳවා කරුණු විමසූ බවයි නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයිම් කටයුතුද අද දිනයේ සිටම ආරම්භ කළ බවත් එහි ප්‍රතිඵල දින 45ක් ඇතුළත ලබා දිමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.