Tuesday, May 14, 2024

General line - 0115112241

මැදපෙරදිග කලාපය ගැන ඉරානයෙන් ඊශ්‍රායලයට අනතුරු ඇගවීමක්




ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නතර නොකළහොත් මැදපෙරදිග කලාපය පාලනයෙන් මිදෙනු ඇති බවට ඉරානය ඊශ්‍රායලයට අනතුරු අගවා තිබෙනවා.

මේ බව පවසමින් ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් පැවසුවේ ඊශ්‍රායලය හමුදා සහය ලබාදීම සම්බන්ධයෙන් අමෙරිකාවට ද දොස් පැවරිය යුතු බවයි.

එබැවින් තමන් අමෙරිකාවට ඔවුන්ගේ මිතුරු ඊශ්‍රායලයට අනතුරු අඟවන බවත්, ඔවුන් ගාසා තීරයේ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාරය වහාම නතර නොකළහොත් ඕනෑම මොහොතක ඕනෑම දෙයක් සිදුවිය හැකි බවත් ඒ හරහා කලාපය පාලනයෙන් තොර වනු ඇති බවත් ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඊශ්‍රායලය හමාස් සංවිධානයට සහ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ප්‍රහාර දියත් කිරීම හමුවේ ඉරානය ගාසා යුද්ධයට මැදිහත්ව සිටිනවා. හමාස් සංවිධානයට සහ හිස්බුල්ලා සංවිධානයට ආධාර අනුබල ලබාදෙන්නේ ඉරානය බවයි පැවසෙන්නේ.