Monday, December 16, 2024

General line - 0115112241

ජනාධිපති ප්‍රදානය ආධාර වැඩසටහනක් ක්‍රියාත්මකද? ආණ්ඩුවෙන් ප්‍රතිචාර




“ජනාධිපති ප්‍රදානය” යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් පිළිබඳව සංසරණය වන පුවතේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. 

අදාළ ආධාර වැඩසටහනෙහි තොරතුරු ලබා ගන්නා ලෙස දන්වමින් පළ කර ඇති සබඳතාව ද ව්‍යාජ එකක් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 

රජය මෙවැනි වැඩසටහනක් සම්බන්ධ තීරණයක් ගෙන ඇත්නම් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඒ පිළිබඳ දැනුම්දීම රජයේ ක්‍රමවේදයයි. 

මෙලෙස “ජනාධිපති ප්‍රදානය” යන මාතෘකාව යටතේ රජයේ ආධාර වැඩසටහනක් ලෙස සංසරණය වන ව්‍යාජ පුවත හුවමාරු කිරීමෙන් වලකින ලෙසද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කළා.