ICC Hall of Flame හෙවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත් කල ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට ඇතුලත් වූ අරවින්ද ද සිල්වාට හිමි සම්මානය ලබන බ්‍රහස්පතින්දා ඉන්දියාවේදී ලබා දීමට නියමිතයි.
මෙහි විශේෂත්වය වන්නේ අරවින්ද ද සිල්වා ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගොස් වසර 20කට පසුව ඔහුට මෙම සම්මානය හිමිවීමයි.
මෙවරICC Hall of Flame සම්මානය සදහා ඉන්දියාවෙන් දෙදෙනෙකුද හිමිකම් කියනවා.
ඒ, විරේන්ද්‍ර ශෙවාග් හා ඩයනා එඩුල්ජියි.
ICC " Hall of Flame" ගෞරවය දිනාගත් පළමු ක්‍රීඩිකාව ලෙසද ඩයනා එඩුල්ජි වාර්තා පොතට එක්වුණා.
අවුරුදු 20ක් යන තෙක්ම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට අරවින්ද මතක් නොවුණේ ඇයි? එසේත් නැතිනම් අවුරුදු 20ක් ගියත් අරවින්ද, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට මතකයේ තිබුණාද? බොහෝ දෙනෙකු ඒ සම්බන්ධයෙන් විවිධ අදහස් පල කරමින් සිටිනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට ක්‍රිකට් තහනමක් පනවා ඇති පසුබිමක අරවින්ද ද සිල්වාට මෙම සම්මානය හිමිවීමද විශේෂත්වයක්.
කෙසේවෙතත් අරවින්දට මෙම සම්මානය ලබා දෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පවසන්නේ අරවින්ද ද සිල්වා යනු ශ්‍රී ලංකාවෙන් බිහිවූ විශිෂ්ටතම පිතිකරුවෙකු බවයි.
ටෙස්ට් තරග 93 කදී ලකුණු 6,361 ක් රැස් කර ඇති අරවින්දගේ සාමාන්‍ය 42.97ක්. බිද හෙලා ඇති ටෙස්ට් කඩුලු සංඛ්‍යාව 29ක්. එක්දින තරග 308 කදී ලකුණු 9,284 ක් රැස් කර ඇති අරවින්දගේ සාමාන්‍ය 34.90 ක්. බිද හෙලා ඇති එක්දින කඩුලු සංඛ්‍යාව 106ක්.
1996 දී ශ්‍රී ලංකාව ජයගත් එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්රාහණයේ නියමුවා ලෙසටයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අරවින්ද ද සිල්වා නම් කර ඇත්තේ. දකුණත් පිතිකරුවෙකු වන ඔහු වසර 18ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය තුළ ටෙස්ට් ශතක 20ක් රැස් කර ඇති අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු ලබාගත් තෙවැනි වැඩිම ශතක සංඛ්‍යාව එයයි.
එක්දින ශතක 11ක් ද අරවින්දගේ දක්ෂතා අතරට අයත්.
ඒ අතරින් 1996 ලෝක කුසලාන අවසන් මහා තරඟයේදී අරවින්ද ද සිල්වා ඕස්ටේ්රලියාවට එරෙහිව නොදැවී රැස්කල ලකුණු 107 කැපී පෙනෙන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පැවසුවේ.
සෑම විටම ක්‍රීඩාවේ ජීව ගුණයට ගරු කරන දක්ෂ පිතිකරුවෙකු ලෙස අරවින්ද ද සිල්වා හදුන්වා දී ඇති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දක්වා ඇත්තේ තරගයේ පවතින තත්වයන්ට අනුව ක්‍රීඩා කළ ආකාරය හා ඊට හැඩගැසීමේ හැකියාවෙන් ප්‍රසිද්ධ චරිතයක් බවයි.
පසුගිය ශතවර්ෂයේ අවසානයේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ පුනර්ජීවනයේ අනිවාර්ය අංගයක් ලෙසටයි අරවින්ද ද සිල්වා හදුන්වා දී ඇත්තේ.
මෙම විශිෂ්ට සම්මානය පිළිබද අදහස් දක්වමින් අරවින්ද ද සිල්වා පවසා ඇත්තේ, තමන්ට ලැබූ මෙම සම්මානයේ ගෞරවය තමා සමග සිටි සියලු දෙනාට පුද දෙන බවයි.
”මෙම විශිෂ්ට ගමනේ කොටසක් වූ ඔබට ස්තූතියි.” ඒ, අරවින්ද ගේ සුබ පැතුමයි. අරවින්ද සිල්වා කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි සිසුවෙකු වනවා.