Monday, April 29, 2024

General line - 0115112241

මෙවර අයවැය මැතිවරණයක් ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් - මහාචාර්ය ආනන්ද ජයවික්‍රම



රටක සියලු දෙනා එකම ගැටලුවකට මුහුණදෙන විට රජයේ යුතුකම වන්නේ සෑම පාර්ශවයක්ම රැකබලා ගැනිම බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. එබැවින් ජීවන වියදම පිළිබඳ ගැටලුවලදී ඒ සඳහා ලබාදෙන සහනය රටේ එක් පාර්ශවයක් සඳහා පමණක් නොව රටේ සිටින දුප්පත් කාණ්ඩයේ සියලු ජනතාවට ලබාදීමට රජය කටයුතු කළ යුතු බවයි පැවසුවේ. රාජ්‍ය සේවකයින්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 10,000කින් වැඩි කිරිමට අයවැය මඟින් රජය ගෙන ආ යෝජනා පිළිබඳ අදහස් දක්වමින් පේරාදණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම ඒ බව කියා සිටියා.


මෙවර අයවැය මැතිවරණයක් ඉලක්ක කර ඉදිරිපත් කළ අයවැයක් බවයි ඔහු  පැවසුවේ. රට නැවත ගොඩනැගීමට සුදුසු වැඩපිලිවළක් 2024 අයවැය තුල නොමැති බව ද පේරාදණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම ප්‍රකාශ කළා.