Tuesday, May 14, 2024

General line - 0115112241

බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක ශකිබ් අල් හසන් දේශපාලනයට




බංග්ලාදේශයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ශකීබ් අල් හසන් නිල වශයෙන් දේශපාලනයට පිවිස ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

ඒ අනුව, ඔහු එළඹෙන ජනවාරි 07වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට තරඟ වැදිමට සූදානම් වන බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ඔහු මැතිවරණයට පිවිසෙන්නේ බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගයෙන් බවද වාර්තා වනවා.

ඒ අනුව ඔහුට එම පක්ෂයේ නාම යෝජනාද හිමි විමට නියමිත බව සඳහන්. ඇතැම් විදෙස් මාධ්‍ය පවසන පරිදි ශකීබ් අල් හසන් මේවනවිටත් අවාමි ලීගයෙන් නාම යෝජනා පත්‍ර ලබා ගෙන ඇති අතර එළඹෙන මහ මැතිවරණයේදී ඔහු ආසන 03කට තරඟ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ශකීබ් අල් හසන් එළඹෙන මහ මැතිවරණයට තරඟ වදින බව අවාමි ලිගයේ මහ ලේකම් බහුදීන් නසීම් ද තහවුරු කර තිබෙනවා.

ඔහු පවසන්නේ ශකීබ් අල් හසන් රටේ තරුණයින් අතර මහත් ජනප්‍රියත්වයට පත්ව ඇති බැවින් ඔහු මහ මැතිවරණයේදී ඉතා ඉහළ ජයක් වාර්තා කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

කෙසේවෙතත් ශකීබ් අල් හසන්ගේ මැතිවරණ අපේක්ෂකත්වය අග්‍රාමත්‍ය ශෙසික් හසීනාගේ ප්‍රධානත්වයෙන් රැස්වන ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මණ්ඩලයක් විසින් තහවුරු කළ යුතු බවයි වාර්තා වන්නේ. 

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති තරඟයේදී ඇන්ජලෝ මැතිවුස්ගේ ආන්දෝලනාත්මක දැවී යාමත් සමඟ ශකීබ් අල් හසන් දෙස් විදෙස් මාධ්‍ය තුළ පුවත් මවන්නෙකු බවට පත් වුණා.