Thursday, May 16, 2024

General line - 0115112241

අමෙරිකාවේ ඇස්වසා උතුරු කොරියාව ධවල මන්දිරයේ ඡායාරූප ගනී




උතුරු කොරියාව විසින් ඉකුත් දා කක්ෂ ගත කළ ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව මඟින් අමෙරිකාවේ මර්මස්ථාන කිහිපයක් ඡායාරූප ගත කර ඇති බව විදෙස් මාධ්‍ය ආනවරණ කරනවා.

උතුරු කොරියාවේ වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පැවසුවේ අදාළ ඔත්තු බැලීමේ චන්ද්‍රිකාව මඟින් අමෙරිකාවේ ධවල මන්දිරය , පෙන්ටගනය  සහ නාවික මධ්‍යස්ථාන කිහිපයක ඡායාරූප ලබා ගෙන ඇති බවයි.

එලෙස ලබා ගත් ඡායාරූප උතුරු කොරියානු නායක කිම් ජොන් උන් විසින් නිරීක්ෂණය කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා. 

කෙසේවෙතත් උතුරු කොරියාවේ ඔත්තු චන්ද්‍රිකාව මඟින් ලබා ගෙන ඇති ලොව වෙනත් රටවල ඡායාරූප පිළිබඳ මෙතෙක් වාර්තා වන්නේ නැහැ.

එවැනි ඡායාරූප උතුරු කොරියාවද මෙතෙක් නිකුත් කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.