Wednesday, February 19, 2025

General line - 0115112241

සුපිරි ජයග්‍රහයකයින් 36 දෙනෙකුට සංවර්ධන ලොතරැයි මණ්ඩලයෙන් තෑගි



සංවර්ධන ලොතරැයි මණ්ඩලය බිහිකළ සුපිරි ජයග්‍රහයකයින් 36 දෙනෙකුට චෙක්පත් ප්‍රදානය කිරීම සිදුකෙරුණා.

එම මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරි අජිත් ගුණරත්න නාරගලගේ සහභාගීත්වයෙන් එම චෙක්පත් ප්‍රදානය කිරීම සිදුකෙරුණේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේදීයි.

එහිදී ජයෝදා සහ ලග්න වාසනා සුපිරි ජයමලු දිනාගත් ජයග්‍රාහයකයින් සිව් දෙනෙකුටද චෙක්පත් ප්‍රදානය කළ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ අළෙවි නියෝජ්‍ය සාමාන්‍යාධිකරී චානක දොඩංගොඩ පැවුසවේ.