සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ලොතරැයිපත් අතරින් බිහි වූ සුපිරි ජයග්‍රාහකයින් ඇතුළු තවත් ජයග්‍රාහයකින් පිරිසකට චෙක්පත් ප්‍රධානය කිරීම අද සිදු කෙරුණා.
ඒ, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාල පරිශ්රයේදීයි. එම අවස්ථාවට සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී එම් ආර් හේමන්ත ස්වර්ණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම චෙක්පත් ප්රදානය කිරීමේ අවස්ථාවට සාමාන්‍යාධිකාරී අනුර ජයරත්න මහතා ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටියා.
එහිදී අද කෝටිපති, කප්රුක, ලග්න වාසනා, සුපිරි ධන සම්පත ලොතරැයිවල ජයග්‍රාහකයින් 05 දෙනෙකු වෙත චෙක්පත් ප්‍රධානය කළ බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පැවසුවේ.
ඊට අමතරව දිනුම් අදින ලබන ලොතරැයිපත් තුළින් 20 ලක්ෂයේ ජයග්‍රහණ හිමිකරගත් ජයග්‍රාහකයින් 32 දෙදෙනෙකුට සහ දස ලක්ෂයේ ජයග්‍රහණ හිමිකරගත් ජයග්‍රාහකයින් 21 දෙනෙකුට ද එහිදී චෙක්පත් ප්‍රධානය කර තිබෙනවා.