Wednesday, May 8, 2024

General line - 0115112241

චීනය නිසා ඔස්ට්‍රේලියාවේ හිත රිදෙයි




චීනයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ඔස්ට්‍රේලියාව කණස්සල්ලට පත්ව සිටින බව විදෙස් මාධ්‍ය පවසනවා.

චීන යුද නෞකාවක අපරීක්ෂාකාරී ක්‍රියාකලාපය හමුවේ ඔස්ට්‍රේලියානු කිමිදුම්කරුවෙකු තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු රජයේ දැඩි අවධානය යොමුව තිබෙනවා.

චීන හමුදාවේ මෙම වෘත්තීමයභාවයක් නොමැති ක්‍රියා හේතුවෙන් දෙරටේ සබඳතා සඳහා දැඩි බලපෑම් එල්ල විය හැකි බවයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් පැවසුවේ.

මේ අතර ඉකුත් දා පැවැති ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (ඇපෙක්) සංසදයට සමගාමීව චීන ජනාධිපති ෂී ජින්පින් හමුවූ අවස්ථාවේ මෙම බලපෑම් සම්බන්ධයෙන් සාකච්ඡා නොකිරීම සම්බන්ධයෙන් ද ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා දැඩි ලෙස දේශපාලනමය වශයෙන් බලපෑමට ලක්ව ඇතැයි ස‍ඳහන්.