Wednesday, January 15, 2025

General line - 0115112241

තද සුළං එයි - අමෙරිකාවේ ලැව්ගිනි දරුණු වෙයි




අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් ලැව්ගිනි පාලනයට දැන් අලුත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. 

ඒ, තද සුළං ඇති වීමේ දැඩි අවදානමක් හේතුවෙන්. 

පැයට කිලෝ මීටර් 70කට අධික සුළං හටගනු ඇති බවයි මේ වන විට වාර්තා වන්නේ. 

මේ වන විට ලැබී ඇති වාර්තාවලට අනුව ඉදිරි පැය 24 තුළ මෙම තද සුළං ඇති වීමේ අවදානම පවතිනවා. 

මේ හේතුවෙන් අලුතින් ලැව්ගිනි ඇති වීමේ අවදානමක් පවතින බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. 

මේ සමඟ පුද්ගලයින් 84,800ක් ඉවත් කිරීමට හදිසි අනතුරු ඇගවීමක් ද නිකුත් කර තිබෙනවා.
 

අද අලුයම නිකුත් වූ නවතම වාර්තාවලට අනුව ලොස් ඇන්ජලීස් ලැව් ගින්නෙන් ජීවිතක්ෂයට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 25ක්. 

සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 12,000කට අධිකයි.