ඉන්දිය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිහට මාසයක කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වීමට ඉන්දිය ක්‍රිකට් පාලක මන්ඩලය අවසර ලබාදී තිබෙනවා. ඒ, විරාත් කෝලි කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්.
ඒ අනුව විරාත් කෝලි සහ ඔහුගේ බිරිඳ වන සුපිරි නිළි අනුෂ්කා ෂර්මා නිවාඩුවක් ගත කිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව ගොස් ඇති බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.
ඔවුන් දෙදෙනා සහ සිඟිති දියණිය සිටින ඡායාරූප කිහිපයක් අද දිනයේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඉන්දිය කණ්ඩායම මේ වන විට ඔස්ටේ්රලියාව සමඟ පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලියකට එක්ව සිටිනවා. එම තරඟාවලිය සඳහා කිසිදු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු එක් නොකිරීමටයි ඉන්දිය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර ඇත්තේ.
දකුණු අප්‍රිකාව සමඟ ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරඟාවලිය සඳහා ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් කැදවනවාදැයි මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නැහැ.
ඒ අනුවයි කෝලි මාසයක කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලික විවේකයක් ලබා ගැනීමට ඉල්ලීම් සිදුකර තිබුණේ.