Saturday, July 27, 2024

General line - 0115112241

ලබන වසරේ මුදල් කප්පාදුව ජනපතිවරණයට බාධාවක් නොමැති බව මැතිවරණ කොමිසම කියයි




මීළඟ ජනාධිපතිවරණය කැඳවීමේ බලය පවතින්නේ මැතිවරණ කොමිෂන් සභාවට බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. ඒ අනුව, 2024 වසරේ සැප්තැම්බර් මස සිට ඔක්තොම්බර් මස දක්වා කාලය තුළ මීළඟ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බවද නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කළා


පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින කාල සිමාව සම්බන්ධයෙන්ද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මෙලෙස අදහස් පළ කළා


ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක මුදලක් ඉල්ලා ඇති නමුත් 2024 අයවැයෙන් වෙන් කර ඇත්තේ රුපියල් බිලියන 10ක මුදලක් පමණක් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. කෙසේවෙතත් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා එම මුදල ප්‍රමාණවත් බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක නෙත් නිවුස් වෙත වැඩිදුරටත් පැවසුවේ