Thursday, May 9, 2024

General line - 0115112241

පිලිපිනයේ විශ්ව විද්‍යාලයක පිපිරීමක්




පිලිපීනයේ විශ්ව විද්‍යාලයක පිහිටි ශරීර සුවතා මධ්‍යස්ථානයක බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ පිලිපිනයේ මරාවි නගරයේ මින්ඩනා ඕ ප්‍රාන්ත විශ්ව විද්‍යාලය තුළ එම පිපිරීම සිදුව ඇති බවයි.

එහි ඉරිදා උදෑසන දේවය මෙහෙය අතරතුර පිපිරීම සිදුව ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

පිපිරීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් ඇති අතර තවත් 42නෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අන්තවාදී ඉස්ලාම් කල්ලියක් ප්‍රහාරය පිටුපස සිටින බවට එරට පොලිසිය සැක පළ කරනවා.

ඉකුත් සිකුරාදා පිලිපීනයේ හමුදාව සහ එරට අන්තවාදී සටන්කාමීන් පිරිසක් අතර හටගත් ගැටුමකින් සටන්කාමීන් 11 දෙනෙකු මිය ගියා.

එම සිද්ධියෙහි දිගුවක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි පිලිපීන  බලධාරීන් සැක පළ කරන්නේ.