ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවට නව සාමාජිකයින් පත් කර ඇති ආකාරය ඉතාමත් සාර්ථක බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද් පවසනවා.
පළපුරුද්ද සහිත හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තේරීම් කමිටුවට පත් කිරීම හරහා ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පැහැදිළි වෙනසක් දක්නට ලැබෙනු ඇති බවයි කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ.
පසුගිය කාලයේදී සිදුවූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුබැසීම මෙම තේරීම් කමිටු සාමාජිකයින් සමග සාකච්ඡා කර ඉදිරියේදී සැලසුම් සහගත කණ්ඩායමක් නිර්මාණය කර ගැනීමට හැකියාව පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.