කොළඹ අහස වර්ණවත් කරන නෙළුම් කුළුණ වාස්තුවිද්‍යාත්මකව නම් අලංකාර නිර්මාණයකි.
2022 වසරේ සැප්තැම්බර් මාසයේදී එය මහජනතාවට විවෘත වූ දා සිට තවමත් ඒ පිළිබඳ ලබන ප්‍රතිචාරවලින් ඒ බව තව දුරටත් තහවුරු කරයි.
මිලියන 1.3කට අධික නරඹන්නන් පිරිසකගේ ආකර්ෂණය දිනා ගනිමින් එහි ජනප්‍රියත්වය අඛණ්ඩව පවත්වා ගෙන යන බව පෙනේ.
වසරක් තුළදී අපේක්ෂා කළ සංඛ්‍යාවද අභිබවා විදේශිකයන් 28,000ක් ඇතුළුව මිලියන 1.2ක සංඛ්‍යාවක් නෙළුම් කුළුණ නරඹා ඇත.
කොළඹ නගරයේ එක් වේදිකාවක සිට හාත්පස ආකර්ෂණීය දසුන් නැරඹිය හැකි මෙම නැරඹුම් මැදිරිය, මේ වන විට මසකට රුපියල් මිලියන 40-50 ක ආදායමක් ලැබෙන ප්‍රාථමික ආදායම් මාර්ගයක් බවට පත් ඇත්තේ එබැවිනි.
මේ සුන්දර, ලස්සන කතාව පිටුපස ඇත්තේ වෙනම ඛේදවාචකයක් බව ඉහත දැක්වූ මිලියන ගණන කතා කරන්නේ නැත.
මෙම ආශ්චර්යය ඉදි කෙරෙන්නේ රුපියල් බිලියන 35ද ඉක්මවූ චීන ණය මුදලකිනි.
නැවතත් කියන්නේ නම් එය ණය මුදලකි.
මෙය කියවන ඔබේත් මගේ ඇහිබැම ඉහළ යන්නේ ඒ ආශ්චර්යය නැරඹීමෙන් නොව එය ඉදි කිරීමට ලබා ගත් ණය මුදල සිහි කරන විටය.
ඒ පමණක් නොව අවාසනාවකට මෙන්, ඒ ණය ආපසු ගෙවීමේ නියමයන් සහ පොලී අනුපාත පිළිබඳ විස්තර අභිරහසකි.
ඒ පිළිබඳ ණය ගත් පිරිස පවසන්නේ එකිනෙකට නොගැළපෙන තොරතුරුය.
නෙළුම් කුළුණේ පාර්ශවකරුවන් තවමත් තර්ක කරන්නේ එය සංචාරක ගමනාන්තයක් ලෙස එහි සාර්ථකත්වය තුළින් ආයෝජන ආකර්ෂණය කර ආර්ථික වර්ධනයට දායක වන බවයි.
ඒ සඳහා ඔවුන් පෙන්වා දෙන්නේ සංස්කෘතික උත්සව, සම්මන්ත්‍රණ සහ විකාශන පහසුකම් සඳහා පහසුකම් ආදිය ගෙන හැර දක්වමිනි.
කෙසේ වෙතත්, මේ පිළිබඳව අවදියෙන් සිටින පිරිස නිරන්තර අවධානය යොමු කරන්නේ ණය කොන්දේසිවල විනිවිදභාවයේ වැදගත්කම සහ නෙළුම් කුළුණේ තිරසාර ලාභදායිත්වය සහතික කිරීම සඳහා ඵලදායී කළමනාකරණයක් පිළිබඳ කනස්සල්ල පළ කරමිනි.
සංචාරක ගමනාන්තයක් ලෙස එහි ජනප්‍රියතාවය ප්‍රතික්ෂේප කළ නොහැකි නමුත් එහි මූල්‍ය තිරසාරභාවය පිළිබඳ පවතින්නේ ගැටළුකාරී තත්ත්වයකි.
මෙරට ජනතාවගේ මෙන්ම විදෙස් සංචාරකයින්ගේද සිත් ඇදගන්නා ස්ථානයක් බවට පත්ව ඇති බැවින්, නෙළුම් කුළුණේ සැබෑ කතාව තවමත් ලියවෙමින් තිබෙන බව පෙනේ.
එය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ සංකේතයක් බවට පත්වේවිද, එසේත් නැතිනම් අභිලාෂකාමී යටිතල පහසුකම් ව්‍යාපෘති විසින් එල්ල කරන ලද අභියෝග පිළිබඳ සිහි කිරීමක් ලෙස පමණක් ක්‍රියා කරයිද යන්න අපැහැදිලිය.
සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ මේ අවස්ථාවේ ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් සිටින අතර නෙළුම් කුළුණ ද සංචාරක ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය කෙරෙන ප්‍රමුඛ ස්ථානයක් බවට පත් වී තිබේ.
එහි ප්‍රතිඵලයක් වශයෙන් නෙළුම් කුළුණ විවෘත කිරීමෙන් පසු මේ දක්වා එය නැරඹීමට පැමිණි මිලියන 1.37 අතර විදෙස් සාංචාරකයින් 40,581 ක් ඇතුළත් වේ.
එහි ඇතුළත ක්‍රියාන්විතය විමසා බැලුවහොත් නිරීක්ෂණ මැදිරියේ ඉපැයීම්වලින් ඔබ්බට, සමාගම නව්‍ය මධ්‍යස්ථාන, සිහිවටන අළෙවිසැල්, ආපනශාලා සහ විනෝදාස්වාද ඉසව් සඳහා කුලියට දීම ප්‍රාග්ධනය කරමින් සිය ආදායම් මාර්ග විවිධාංගීකරණය කර තිබේ.
පසුගිය මාස 14 තුළ දළ වශයෙන් ආදායම රුපියල් මිලියන 1,100 ක් බව කොළඹ නෙළුම් කුළුණ පුද්ගලික සමාගමේ ප්‍රධාන පරිපාලන නිලධාරී මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ප්‍රසාද් සමරසිංහ මහතා අනාවරණය කර තිබේ.
කෙසේ වෙතත්, මෙම මූල්‍ය සාර්ථකත්වය පෙන්වන්නේ මෙහෙයුම් පිරිවැය සමඟ වන අතර එය නඩත්තුව සහ වැටුප් සඳහා මසකට රුපියල් මිලියන 45ක් ද සමඟිනි.
ඩොලර් මිලියන 104.3 ක වියදමින් මීටර් 350 ක් උසැති මෙම කුළුණ සඳහා අරමුදල් සපයන ලද්දේ චීනයේ එක්සිම් බැංකුවෙන් 80% ක ණයක් හරහාය .
එහි කොන්ත්‍රාත්කරුවන් වූයේ China National Electronics Importers and Exporters Corporation (CEIEC) සහ Aerospace Long March International Trade Co. Ltd ය.
මෙම ගණන් හිලව් සම්බන්ධයෙන්ද පවතින්නේ විවිධ මතයන්ය.
2019 දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ නෙළුම් කුළුණ ඉදිකිරීමට අදාළ ගනුදෙනුවකදී රුපියල් බිලියන 2ක මුදලක් සාවද්‍ය පරිහරණය කර ඇති බවයි.
මෙහි වත්මන් තත්ත්වය පිළිබඳ සිදු කළ විමර්ෂණයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේ ඉදිරි වසර පහ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 105 ක ඉදිකිරීම් ණය ආවරණය කිරීමට නම් ඩොලර් 41,000 ක දෛනික ආදායමක් නෙළුම් කුළුණෙන් අවශ්‍ය වනු ඇති බවයි.
මේ අනුව ආදායම් විභවය පිළිබඳ නිසි තක්සේරුවක් කර නොමැති අතර සම්පූර්ණ ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.
නෙළුම් කුළුණ ඉදි කිරීමේ කටයුතු සඳහා චීනයේ EXIM බැංකුවෙන් ලබා ගත් ණය සඳහා පොලිය 3.5% ලෙස ගණනය කරමින් මූල්‍ය ශක්‍යතාව අනුව ණය ගැනීමේ පිරිවැය සැලකිය යුතු ලෙස අවතක්සේරු කර ඇති බව පැහැදිලිය.
මේ අනුව කොළඹ නෙළුම් කුළුණ ශ්‍රී ලංකාවේ බදු ගෙවන්නන්ගේ අරමුදල් සහිත ව්‍යාපෘති ලැයිස්තුවේ දේශපාලන අනුග්‍රහයෙන් සිදු වූ ව්‍යාපෘතියක් වන අතර එහි ප්‍රතිවිපාක ලෙස මූල්‍ය අභියෝගයන්ට මුහුණ දෙමින් සිටින බව නම් පැහැදිලිය.
නෙළුම් කුළුණේ වත්මන් හිමිකාරත්ව ව්‍යුහයට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) සම්බන්ධ වන අතර, එය Lotus Tower Management Company (Pvt) Ltd (LTMC) විසින් භාණ්ඩාගාරය යටතේ කළමනාකරණය කරනු ලබයි.
ඒ අනුව තාක්‍ෂණික සහ විනෝදාස්වාද මධ්‍යස්ථානයක් ලෙස එය නැවත සන්නාමගත කරද්දීත්, එහි මූල්‍ය තිරසාරභාවය පිළිබඳ දිගින් දිගටම පවතින්නේ කනස්සල්ලකි.
මේ කණස්සල්ල මතු කරන්නේ නෙළුම් කුළුණේ ජනප්‍රියත්වය පිළිබඳ උදම් අනන නමුත් එය සැබැවින්ම පවතින්නේ මූල්‍ය ශක්‍යතාව සම්බන්ධයෙන් ප්‍රශ්න කරන සන්ධිස්ථානයක බැවිනි.
මෙම දැවැන්ත ව්‍යුහය කළමනාකරණය කිරීමේ වගකීම රටට, රටේ ජනතාවට පැවරෙන කළ , කුළුණේ ඉරණම අවිනිශ්චිත වීම නිතැතින්ම සිදුවේ.
එය මෙරට ප්‍රගතියේ දිදුලන සංකේතයක් වනු ඇතිද, එසේත් නැතිනම් එහි ණය බරට යටවී කොළඹ නගර මධ්‍යයේ නැගී සිටින සුදු අලියෙකු බවට පමණක් පත්වේවිද? යන්නට නිවැරදිම පිළිතුර හිමි වනු ඇත්තේ කාලය විසින්මය.