Wednesday, November 20, 2024

General line - 0115112241

පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි කතා කරයි




පීඩාකාරීබවින් තොර අධ්‍යාපනයක් වෙනුවෙන් වත්මන් ශිෂ්‍ය සම්පත මෙහෙයවීමට කැප වෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. 

ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද රාජකාරී භාර ගනිමින්. 

ජාතික වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය සේවකයන් එකලෙස වැඩ කරනු ඇතැයි ආණ්ඩුව අපේක්‍ෂා කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා. 

ඒ, වරාය අමාත්‍යාංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාට අද එක්වෙමින්.