නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙක සම්බන්ධයෙන් අදත් සාකච්ඡා පැවැත්වුණා.
ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.
දැනටමත් රවී කරුණානායක මහතාගේ නම ගැසට් කර ඇති බැවින් ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙනුයි අද සාකච්ඡා පැවැත්වුණේ.
කෙසේවෙතත් අද සාකච්ඡාවට පැමිණි කිසිවෙකුත් මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ නැහැ.
මේ අතර, රවී කරුණානයක මහතා ජාතික ලැයිස්තුවෙන් අනීතික ලෙස පත්කිරිම සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට මෙහිදී තීරණය කර තිබෙනවා.
ඒ සඳහා සිව්දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කර ඇති අතර එහි වාර්තාව සති 3ක් ඇතුලත් දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට නියමිතයි.
මේ අතර සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරයෙන් පාර්ලිමේන්තුවට යාමට කාන්තාවක් ලෙස සුදුසුම කෙනා තමා බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද පැවසුවේ.
සමගි ජන බලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුර 05න් එකක් සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කෙරුණා.