Thursday, December 26, 2024

General line - 0115112241

දකුණු ආසියානු ක්‍රිකට් ක්‍රීඩකයින් ඔස්ටේ්‍රලියාවට ගන්න අළුත් සැලැස්මක්




2027 වර්ෂය වනවිට වෘත්තීමය වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටින දකුණු ආසියානු රටවල ක්‍රීඩකයින් සංඛ්‍යාව දෙගුණයක් දක්වා ඉහළ නැංවීමට ඕස්ට්‍රේලියාව සූදානම් වනවා.

බහු සංස්කෘතික ප්‍රජාවන්ගේ සහභාගීත්වය සහ පැමිණීම ඉහළ නැංවීමේ එහි අරමුණ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2027 වර්ෂය වනවිට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා එරටට පැමිණෙන දකුණු ආසියාව නියෝජනය කරන ක්‍රිඩකයින් පිරිස සියයට 8 ක් දක්වා ඉහළ නැංවීම ඕස්ට්‍රේලියාවේ සැලසුම බව පැවසෙනවා.

එහි වත්මන් අගය සියයට 4.2 ක්. 

ඒ අනුව සෑම වසරකම ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරඟ සඳහා සහභාගී වන දකුණු ආසියානු පසුබිමක් සහිත පුද්ගලයින් සංඛ්‍යාව 100,000 සිට 200,000 දක්වා දෙගුණ කෙරෙනු ඇති.

2027 වසර වන විට ක්‍රීඩා කිරීමට ලියාපදිංචි වූවන් සංඛ්‍යාව 70,000 සිට 100,000 දක්වා වැඩි කිරීම ද ඕස්ට්‍රේලියාවේ තවත් අරමුණක්.