Tuesday, December 17, 2024

General line - 0115112241

තිරිඟු පිටි මිල ඉහල යාමෙන් පකිස්තාන ජනයාට දැඩි පීඩා.




පකිස්තාන රජය විසින් තිරිඟු පිටි මල්ලක මිල රුපියල් 3600 ක් ලෙස නියම කිරීම සහ 2023 මුදල් පනත යටතේ කුරිරු ලෙස බදු පැනවීම එරට මහජන ක්‍රියාකාරී කමිටුව විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ රජයේ එම තීරණ ජනතා විරෝධී බව පකිස්තානයේ මහජන ක්‍රියාකාරී කමිටුව විසින් පවසා ඇති බවයි.

තිරිඟු පිටි මිල ඉහළ දැමීම හමුවේ අඩු ආදායම් ලාභී පවුල්වල ජනතාව පීඩාවට පත්ව සිටීම ඔවුන්ගේ දැඩි අවදානයට යොමුව තිබේ.

එමෙන්ම පවතින තිරිඟු පිටි හිගය හමුවේ එක් අයෙකුට කිලෝග්‍රෑම් 7 බැගින් ලබා දෙන බවට ප්‍රකාශ කිරීම ජනතාවගේ ඇසට දූවිලි ගැසීමක් බවයි එම කමිටුව ප්‍රකාශ කර ඇත්තේ.