Thursday, October 3, 2024

General line - 0115112241

නව වසරේදී පළමු වරට පාර්ලිමේන්තුව අද රැස්වෙයි




2024 වසරේ පළමු පාර්ලිමේන්තු සැසි වාරය අදින් ආරම්භ වනවා.

ඒ අනුව අද සිට ලබන 12 වනදා දක්වා පෙරවරු 9 යි 30 සිට පස්වරු 5 යි 30 දක්වා පාර්ලිමේන්තු සැසි වාර පැවැත්වෙනු ඇති.

අද දිනයේ පෙරවරු 9 යි 30 සිට පැයක කාලයක් වාචික පිළිතුරු අපේක්ෂා කෙරෙන ප්‍රශ්න සඳහා වෙන් කෙරෙන බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ. 

ඉන් අනතුරුව ජාතික සමගිය සහ ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම හා ජාතික ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත දෙවනි වර කියවීම සිදු වනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනත යටතේ නියෝග මෙන්ම ආණ්ඩුවේ කටයුතු අවසන් වූ වහාම සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත් දෙකක් දෙවනවර කියවීම සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතන පනත් කෙටුම්පත සහ ශ්‍රී ලංකා චිත්ත මනෝවිද්‍යා උසස් අධ්‍යාපන විවෘත විද්‍යායතන පනත් කෙටුම්පත එලෙස ඉදිරිපත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.