බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පමිණ තිබුනා.
අද දින පස්වරු 01.06 ට එංගලන්තයේ ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපොළේ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 504 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
රතු පළස මතින් පැමිණි ඇය , ගුවන් තොටුපොළ රන් සමරු සටහන් පොතේ( Golden Book ) හි සටහනක් තබා ගුවන් තොටුපොළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබුනා.
ඈන් කුමරිය සමග ඇයගේ වල්ලභ කුමරු ඇතුළු 07 දෙනෙකුගෙන් යුතු දූත පිරිස පිළිගැනීම සදහා අමාත්‍ය අලි සබ්රි , සීතා අරඹෙපොළ , ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ.
පසුවඑහිදී පැවැත් වූ තේ පැන් සංග්‍රහයකින් පසු විශේෂ රිය පෙරහැරකින් කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි ඇගලුම් කම්හලක් නිරීක්ෂණයට පැමිණ තිබෙනවා.