මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවට වරාය වෘත්තිය සමිති එල්ලකරන චෝදනා සම්බන්ධයෙන් වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර අද ප්‍රතිචාර දැක්වුවා.
ඒ, කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීයි. එහිදී ඔහු පැවසුවේ එම අවස්ථාවේදී ලබාදුන් සියලු ආහාරපානවල වියදම් තමන් විසින් දැරූ බවයි.
මන්ත්‍රීවරුන් සමග අදාළ යාත්‍රාවට ගියේ නිරීක්ෂණය කිරීමේ අරමුණින් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවා.
කෙසේවෙතත් වරාය වෘත්තිය සමිති චෝදනා කරන්නේ වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක මෙම සාදය පවත්වා ඇති බවයි.