Saturday, November 16, 2024

General line - 0115112241

දරුවන් සිටින මව්වරුන්ට රට යාමේදී අලුතින් කොන්දේසි




කාන්තාවන් රැකියා සඳහා විදේශගත වීමේදී තම දරුවන්ගේ අවම වයස් සීමාව අවුරුදු 02 වෙනුවට යලිත් පෙර පැවති අවුරුදු 05 සීමාව දක්වා සංශෝධනය කිරීමට බලාපොරොත්තු වන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පවසනවා.

ඇය සදහන් කලේ, අවුරුදු 05ට අඩු දරුවන් සිටින මව්වරුන් කොපමණ ප්‍රමාණයක් මේ වන විට විදේශගත වී ඇත්දැයි සොයා බැලීමට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් දත්ත රැස් කිරීමට ද පියවර ගෙන ඇති බවයි. 


දරුවන් සිගමනේ යෙදීම සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පල කෙරුණා.


මේ අතර, සියළුම මගී ප්‍රවාහන සේවා බස් රථවල සීසීටීවී කැමරා සවිකිරීමට පියවර ගන්නා බවද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී සදහන් කලා.

රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ පැවසුවේ පොදු මගී ප්‍රවාහන සේවාවන් තුළදී කාන්තාවන්ට සිදුවන හිංසන නැවත්වීම සඳහා කැමරා සවිකිරීම තුළින් යම් ප්‍රමාණයකට අඩු වෙතැයි අපේක්ෂා කරන බවයි.

ඒ අනූව මගී ප්‍රවාහන සේවා බස් රථ සඳහා ලබා දෙන වාර්ෂික බලපත්‍රයේ බලපත්‍ර කොන්දේසියක් ලෙස කැමරා සවි කිරීම ඇතුළත් කිරීමේ යෝජනාවක් වගකිව යුතු පාර්ශ්ව වෙත යොමු කිරීමට අවධානය යොමු කර ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.