Monday, December 2, 2024

General line - 0115112241

බ්‍රසීලයේ ශ්‍රේෂ්ඨාධිකරණයක් අසල පිපිරීම් දෙකක්




බ්‍රසීලයේ අගනගරය වන බ්‍රසිලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලෙන් පිටත පිපිරීම් දෙකක් වාර්තා වී තිබෙනවා.

බ්‍රසීලයේ අගනුවර මධ්‍යයේ මෙම පිපිරීම් සිදුවී ඇති අතර බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය ආසන්නයේ එරට පාර්ලිමේන්තුව සහ ජනාධිපති මන්දිරය පිහිටා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම ප්‍රහාරය සිදු කළ ප්‍රහාරකයාගේ මළ සිරුර මේවන විට හමුවී තිබෙනවා.

ඔහු 59 හැවිරිදි ෆ්‍රැන්සිස්කෝ වැන්ඩර්ලි ලුයිස් නම් පුද්ගලයෙකු බවයි විදෙස් මාධ්‍ය අනාවරණ කළේ.

පිපිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලේ සිටි ජනතාව ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත් පිපිරිම සිදු වන අවස්ථාවේදී බ්‍රසීල ජනපති ලුයිස් ඉනාසියෝ ලුලා ද සිල්වා මහතා ජනාධිපති මන්දිරයේ නොසිටි බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එරට පොලිසිය සඳහන් කළේ අදාළ සැකකරු ශ්‍රේෂ්ඨාධිකරණ ගොඩනැගිල්ලට ඇතුළුවීමට උත්සාහ කර ඇති නමුත් එය අසාර්ථක වී ඇති බවයි.

එසේම සිද්ධියට සම්බන්ධ වෙනත් සැකකරුවන් හෝ පුද්ගලයන් නොමැති බැවින් මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවටයි එරට පොලිසිය සැක පල කරන්නේ.