නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් වාර්තා ගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.
නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක තොග මිල රුපියල් 1,000 ත් 1,100 ත් අතර පවතින බවයි.
බ්‍රොකලි කිලෝවක මිල ද රුපියල් 4,000 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි නෙත් නිවුස් හැටන් වාර්තාකරු පැවසුවේ.
නුවරඑළිය ප්‍රදේශයේ ගොවීන්ගෙන් මේ දිනවල කැරට් කිලෝවක් මිලදී ගන්නේ රුපියල් 900 ක වැනි මිලකට බවත්, එලෙස මිලදී ගන්නා කැරට් කිලෝව රුපියල් 1,000 ක මුදලකට අලෙවි කරන බවත් නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු වෙළඳුන් පවසනවා.
එමෙන්ම එම වෙළඳ මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 1,600 ක මිලකටයි.
මාළු මිරිස් කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 800 ක මිලකටයි.
නුවරඑළිය ප්‍රදේශයට අඛණ්ඩව ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් වගා විනාශ වී අස්වැන්න අඩුවීම හේතුවෙන් එළවළු මිල ගණන් මෙලෙස ඉහළ ගොස් ඇති බවයි එළවළු වෙළඳුන් පවසන්නේ.
නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පිළිබඳ සොයා බැලීම සඳහා නෙත් නිවුස් වාර්තාකරු රංජිත් රාජපක්ෂ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වුණා.