Saturday, November 16, 2024

General line - 0115112241

පානදුර දකුණ පොලීසියේදී  අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මිය යයි 




පානදුර දකුණ පොලිස් ස්ථානයේ රදවා සිටි සැකකරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

රන් මාල සොරකමක් සම්බන්ධයෙන් එම සැකකරු පොලිස් ස්ථානය වෙත භාරදී ඇත්තේ ප්‍රදේශවාසීන් පිරිසක් විසින්.

ඉන් අනතුරුව ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලීසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන සිරමැදිරියේ රදවා තිබෙනවා.

පැය කිහියකට පසු යළිත් එම සැකකරු සිරමැදිරියෙන් පිටතට ගෙන පොලීසිය විසින් යළි ප්‍රකාශ සටහන් කරමින් සිටියදී ඔහු සිහිසුන්ව ඇදවැටී ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සැකකරු පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදි ඔහු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

අදාළ ප්‍රදේශවාසීන් විසින් පහරදී එම සැකකරු පොලිස් ස්ථානය වෙත භාරදී ඇති බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් පොලිස් නිලධාරීන් විසින් එම සැකකරුට පහරදී නොමැති බවද වාර්තා වනවා.

ඒ අනුව සැකකරු පොලිස් ස්ථානයට භාරදුන් ප්‍රදේශවාසීන් පිරිසෙන් දෙදෙනෙකුගෙන්  පානදුර දකුණ පොලීසිය ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.