Tuesday, December 17, 2024

General line - 0115112241

චීන වැසියන්ට දරුවන් හැදීම එපා වෙයි




චීන ජනගහනය අඛණ්ඩව දෙවන වසරටත් පහළ ගොස් තිබෙනවා.

නවතම සංඛයාලේඛනවලට අනුව 2023 වසර අවසානයේ චීන ජනගහනය බිලියන 1 යි දශම 4 යි බිංදුවයි 9 කින් පහත බැස ඇතැයි සඳහන්.

එය 2022 වසරට සාපේක්ෂව මිලියන 2 යි දශම 0 යි 8 ක අඩුවීමක්.

2022 යනු වසර 60 කට පසු චීනයේ අඩුම දරු උපත් සංඛ්‍යාවක් සිදුවූ වසරයි.

2023 සංඛ්‍යා ලේඛණ ඊටත් වඩා දෙගුණයක අඩුවීමක් වීම කැපී පෙනෙන තත්ත්වයක්.

බීජිං අගනුවර පමණක් දරු උපත් අනුපාතය පුද්ගලයින් දහසකට 6 යි දශම 3 යි 9 ක් දක්වා අඩුවී තිබෙනවා.

ලොව දෙවන විශාලතම ආර්ථිකයකට හිමිකම් කියන චීනයේ මෙම අඛණ්ඩ ජනගහන වර්ධන අනුපාතය අඩුවීම එරට බලධාරීන්ගේ කනස්සල්ලට හේතුවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

චීනය වරෙක අධික ජනගහන වර්ධනයේ අර්බුදයක පසුවුණා.

එය පාළනය කිරීම සඳහා 1980 දී එක්දරුවෙකු පමණක් බිහිකිරීමට හැකිවන පරිදි එක්දරු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා.

එහෙත් විශාල අගයකින් ජනගහනය අඩුවීමත් සමඟ 2016 දී එම තීරණය අවලංගු කෙරුණා.

එහෙත් 20216 සිට මේ දක්වා චීනයේ දරු උපත් අනුපාතය සීඝ්‍රයෙන් පහත වැටෙමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ජනතාවගේ නාගරීකරණය වීම දරු උපත් අනුපාතය අඩුවීමට හේතුවී තිබෙනවා.