රතු මුහුදේ හූති සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර නොනවත්වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.
ඔහු ඒ බව පැවසුවේ රතු මුහුදේ යාත්‍රා කල අමෙරිකානු නෞකාවකට හූති සටන්කාමීන් තවත් ප්‍රහාරයක් එල්ල කර තිබූ පසුබිමක් තුළයි.
හූති සටන්කාමීන් එම නෞකාව දෙසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබුණා.
තම නෞකාව වෙත මිසයිල ප්‍රහාර එල්ලවූ බව පෙන්ටගනය ද තහවුරු කර තිබෙනවා.
මෙම ප්‍රහාරට එල්ලවී තිබුණේ හුතී සටන්කාමීන් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස අමෙරිකාව විසින් ප්‍රකාශයට පත්කර පැය කිහිපයකට පසුවයි.
කෙසේවෙතත් ප්‍රහාරයෙන් කිසිඳු හානියක් සිදුව නොමැති බවයි පෙන්ටගනය පැවසුවේ.
එහෙත් නෞකාවට තම ප්‍රහාරවලින් සෘජු බලපෑමක් එල්ලවූ බව හුතී සටන්කාමීන් පවසා තිබෙනවා.
කෙසේවෙතත් රතු මුහුදේ යාත්‍රා කරන නෞකා හූති සටන්කාමීන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි අමෙරිකාව අවධාරණය කර ඇත්තේ.
රතු මුහුදේ යාත්‍රා කරන නෞකාවලට සටන්කාමීන් ප්‍රහාර එල්ලකිරීමත් සමඟ ඉකුත් බ්‍රහස්පතින්දා අමෙරිකාව සහ බි්‍රතාන්‍ය එක්ව දැවැන්ත ගුවන් ප්‍රහාරයක් එල්ල කළා.
ඒ, ඔස්ට්‍රේලියාව, බහරේනය, නෙදර්ලන්තය සහ කැනඩාවේ ද සහය ඇතිවයි.