Tuesday, December 17, 2024

General line - 0115112241

නෙත් නිවුස් අනාවරණ කළ රියදුරු බලපත්‍ර අලුත් කිරීමේදී සිදුවන වංචාව ගැන බලධාරීන්ගේ අවධානය




රියදුරු බලපත්‍රය අළුත් කර ගැනීම සඳහා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණෙන පුද්ගලයින්ගෙන් එම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණ නිලධාරියෙකු අයුතු ලෙස මුදල් අය කර ගැනීම පිළිබඳ නෙත් නිවුස් අනාවරණය සඳහා බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා.

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකර අදාළ නිලධාරියාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන බවයි.

යම් හෙයකින් අදාළ නිලධාරියා එලෙස අයුතු ලෙස මුදල් අයකර ඇත්නම් ඔහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා පැවසුවා. 

රියදුරු බලපත්‍රයක් ලබාගැනීමේ මුවාවෙන් නෙත් නිවුස් අදාළ නිලධාරියාට දුරකථන ඇමතුමක් ලබා ගත්තා.

එම දුරකථන ඇමතුම සඳහා ඔහු ප්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 


කෙසේවෙතත් නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ නියමිත ක්‍රියාපටිපාටියට අනුව රියදුරු බලපත්‍රයක් අළුත් කර ගන්නේ නම් ඒ සඳහා වැය වන්නේ රුපියල් 4,000 ක පමණ මුදලක් බවයි.

එහෙත් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අදාළ අධීක්ෂණ නිලධාරියා ඒ සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 12,000 ක මුදලක් ඉල්ලා සිටිනවා.