Friday, September 6, 2024

General line - 0115112241

බෙලිඅත්තේ පංච පුද්ගල ඝාතනය ගැන පොලීසිය තවත් තොරතුරු හෙළි කර ගනී

රවීන්ද්‍ර ලියනගේ




දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේදී පුද්ගලයින් පස් දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගනු ලැබුවේ එම සැලසුම සකස් කළ ප්‍රධාන සැකකරු බව පොලීසිය පවසනවා.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ පැවසුවේ හක්මන පොලීසිය විසින් එම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

එම සිද්ධියේ වෙඩික්කරුවන් ගමන්ගත් ජීප් රථය ද මේ වන විට පොලිස් භාරයට ගත් බවයි ඔහු කියා සිටියේ. 


අදාළ සිද්ධියේ විමර්ශණ කටයුතු සඳහා මහජනතාවගෙන් සහයෝගය ලැබුණු බව ද මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ වැඩිදුරටත් කියා සිටියා.