Tuesday, December 17, 2024

General line - 0115112241

මෙරට හයිබි්‍රඩ් බීජ නිෂ්පාදනය සාර්ථක වන ලකුණු




හයිබි්‍රඩ් බීජ මෙරට තුළ නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පරීක්ෂණ සිදුකරමින් සිටින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

හයිබි්‍රඩ් ක්‍රමය ඔස්සේ නිෂ්පාදනය කළ ඇතැම් බීජ වර්ග මේ වනවිට සාර්ථක වී ඇති බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසුවේ. 


බීජ මිල ඉහළ යාම සම්බන්ධයෙන් ගොවීන් එල්ල කරන චෝදනාවලට ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.


වෙළඳපල තුළ එළවළු මිල ගණන් ඉහළ යාම හා ඊට බලපෑ හේතු සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත අදහස් පළ කළේ මෙලෙසයි. 


මේ අතර ඊයේ දිනයේද එළවලු අලෙවි වූයේ ඉහළ මිල ගණන් යටතේයි.

ඒ අනුව ඊයේ දිනයේ කැරට් කිලෝවක් රුපියල් 1300ත් 1400ත් අතර මිල ගණන් යටතේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග මිල සටහන්ව තිබුණා. 

ගෝවා කිලෝවක් රුපියල් 500ත් 600ත්, බෝංචි කිලෝවක් රුපියල් 600ත් 700ත් සහ ලීක්ස් කිලෝවක් රුපියල් 450ත් 500ත් අතර මිල ගණන් යටතේ අලෙවි වුණා.

කෙසේවෙතත් ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් එකසිය පනහේ සිට දෙසීය දක්වා වූ මිල ගණන් යටතේ සහ ලොකු ලූනු කිලෝවක් රුපියල් 300ත් 320ත් අතර මිලකට අලෙවි වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එවන් පසුබිමක් තුළ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙඳුන්ගේද අඩුවක් පසුගිය දින කිහිපයේදීම දක්නට ලැබුණා.