වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සමග පැවති තරඟය තියුණු තරඟයකින් අනතුරුව ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.
තරඟයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 231ක්.
දිනුර කළුපහන ලකුණු 53ක් රැස් කළා. මල්ෂ තරුපති ලකුණු 42ක් රැස් කළ අතර සුපුන් වඩුගේ ලකුණු 31 ක් රැස් කළ සිටියදී දැවී ගියා.
ජයග්‍රාහී ලකුණු 232ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම තරඟය ජයගනු ලැබුවේ අවසන් පන්දු වාරයේ පන්දු 3ක් ඉතිරිව තිබියදීයි.
ඔවුන් කඩුලු 7ක් පමණක් දැවී තරඟය ජය ගනු ලැබුවා. පන්දු යැවීමේදී දිනුර කළුපහන, විශ්ව ලහිරු සහ සිනෙත් ජයවර්ධන කඩුලු 2 බැගින් දවා ගත්තා.