අමෙරිකාව විසින් ආරුගම්බේ ප්රදේශය සඳහා පනවා තිබූ සංචාරක සීමාවන් ඉවත් කර තිබෙනවා.
කොළඹ අමෙරිකානු තානාපති කාර්යාලය අද පස්වරුවේ ඒ පිළිබඳ නිල වශයෙන් නිවේදනය කළා.
අමෙරිකානු තානාපති කාර්යාලය මගින් අදාළ සංචාරක සීමාවන් පනවනු ලැබුවේ පසුගිය ඔක්තෝබර් 23 වනදායි.
ඒ, ආරුගම්බේ ප්රදේශයේ ඊශ්රායල සංචාරකයන් ඉලක්ක කරගෙන සැකකටයුතු ක්රියාකාරකම් සිදුවන බවට පළවූ වාර්තා පදනම් කරගනිමින්.
කෙසේනමුත් එම සීමාවන් දැන් ඉවත්කර ඇති බැවින් ශ්රී ලංකාව සඳහා වූ සිය සංචාරක උපදේශනය යාවත්කාලීන කරන බවයි අමෙරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේ.