Monday, April 29, 2024

General line - 0115112241

රුසියාවෙන් විපක්ෂ නායකයා ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක්




විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි සම්බන්ධයෙන් රුසියාව අද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළා.

ඒ අනුව රුසියාව පැවසුවේ විපක්ෂ නායකවරයා හදිසියේ මියගොස් ඇති බවයි.

නාවල්නි යනු රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රබල ප්‍රතිවිරුද්ධ මතධාරියෙක්.

ඒ අනුව ඔහුට එරෙහිව දේශපාලනික චෝදනා මත නාවල්නි ඉකුත් වසර 02 ක පුරා සිරදඬුවම් විඳිමින් සිටියා.

අනතුරුව ඔහුව රහසිගත ලෙස ආක්ටික් කලාපයේ පිහිටි සිරකඳවුරක සිරකිරීමටයි රුසියානු බලධාරීන් කටයුතු කර තිබුණේ.

අනතුරුව ඔහුගේ සුව දුක් බැලීමට නීතඥයින්ට හෝ අවස්ථාලව ලබාදී තිබුණේ නැහැ.

අනතුරුව අදාළ බන්ධනාගාරය විසින් විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි මියගොස් ඇති බව හදිසියේ නිවේදනය කළා.

මෙම සිදුවීනමට දින දෙකකට පෙර එනම් ඉකුත් 14 වනදා යෙදී තිබුණු ආදරවන්තයින්ගේ දිනයේදී ඇලෙක්සි නාවල්නි සිය සමාජ මාධ්‍ය ගිණුමක් හරහා සිය බිරිඳට සුබ පැතුම් එක කර තිබුණා.

එහි දැක්වුණේ ඔහු ඇයට වඩාත් ආදරය කරන බවයි. 

රුසියානු විපක්ෂ නායකයාගේ මරණයට හේතුව කුමක්ද යන්න එරට කිසිඳු පාර්ශවයක් මෙතෙක් අනාවරණ කර නැහැ.