Saturday, April 20, 2024

General line - 0115112241

අනුරාධ 155කින් 34 වෙනියා වෙයි




රියෝ ඔලිම්පික් උළෙලේ මැරතන් ඉසව්වට සහභාගි වූ අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 36 වෙනියා ලෙස අද (21) තරගය නිමා කළා. ඒ, ක‍්‍රීඩකයින් 155 දෙනෙක් අතරින්. එම ඉසව්වේ රන් පදක්කම හිමි වූයේ කෙන්යාවේ එලියුඩ් කිට්චෝගේ හටයි.

මේ අතර බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවරදී පැවැත්වෙන ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

සමාප්ති උළෙට බ‍්‍රසීල සංස්කෘතිකාංග රැසක් ද එක්කරන බවයි සංවිධායකයින් ප‍්‍රකාශ කර ඇත්තේ.

බ‍්‍රසීල වේලාවෙන් අද රාත‍්‍රියේදී සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ 2014 පාපන්දු ලෝක කුසලානයේ අවසන් මහ තරගය මෙන්ම මෙවර ඔලිම්පික් තරගාවලියේ සමාරම්භක උත්සවය ද පැවති මරකානා කී‍්‍රඩාංගණයේදීයි.

ඔලිම්පික් ඉතිහාසයේ සමාරම්භක සහ සමාප්ති උළෙල පාපන්දු පිටියක පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.

මිහිමත දැවැන්තම ක‍්‍රීඩා සැණකෙළිය වන ඔලිම්පික් කී‍්‍රඩා උළෙල අද නිමාවට පත්වන්නේ ක‍්‍රීඩාවට අමරණීය මතකයන් රැසක් ද එක්කරමින්.