Monday, April 29, 2024

General line - 0115112241

මියගිය විපක්ෂ නායකයාගේ සිරුර සගවා ඇතැයි පුටින්ට චෝදනා




මියගිය බවට ප්‍රකාශ කෙරුණු රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නිගේ සිරුර සගවා සිටින බවට නාවල්නිගේ ආධාරකරුවන් රුසියානු රජයට චෝදනා කරනවා.

ඔවුන් පවසන්නේ බලධාරීන් විසින් මෙතෙක් ඇලෙක්සි නාවල්නිගේ සිරුර, නාවල්නිගේ මව වන කිරා යාමයිෂ් වෙත භාර දී නොමැති බවයි.

සිරුර භාරදෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීමෙන් අනතුරුව බවට බලධාරීන් පවසා ඇති බවයි නාවල්නිගේ ආධාරකරුවන් පවසන්නේ.

ප්‍රබල පුටින් විරෝධියෙකු මෙන්ම දුෂණ විරෝධී ක්‍රියාකරුවෙකු වන රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි ඝාතනය කර ඇත්තේ රුසියානු ජනාධිපති පුටින්ගේ නියෝගයකින් බවට ද නාවල්නිගේ ආධාරකරුවන් චෝදනා කළා.

ඇලෙක්සි නාවල්නි මියගිය බවට රුසියාව ඉකුත් සිකුරාදා ප්‍රකාශ කළ අතර ඔහු ඒ වනවිට රඳවා සිටියේ ආක්ටික් කලාපයේ පිහිටි අධිආරක්ෂිත සිරමැදිරියකයි.