Sunday, September 8, 2024

General line - 0115112241

එක්සත් ජනපදයේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජනපතිගේ වැඩපිළිවෙළ අගයයි




ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වර්මා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට රජය ප්‍රමුඛ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගනු ලබන තීරණයන් මෙහිදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයාගේ ඇගයීමට ලක් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

කෘෂිකාර්මික නවීකරණ වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදු කෙරෙන ප්‍රධාන ආර්ථික ප්‍රතිසංස්කරණ  සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියෙහි ප්‍රගතිය පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී එක්සත් ජනපද නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.

ගෝලීය ආරක්ෂාවට අදාළ කරුණු සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙන අතර  රතු මුහුදේ සිදු කෙරෙන නාවික මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් සහය වෙනුවෙන් නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සිය ස්තූතිය පළ කළ බව ජනාධිපති මාධ්‍ය  අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.