Sunday, September 8, 2024

General line - 0115112241

අධික උණුසුම් තත්ත්වය තවදුරටත්




මේ දිනවල පවතින අධික උණුසුම් බව තවත් මාසයකට ආසන්න කාලයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මෙම උණුසුම් බව ඉදිරියටත් අඩු වැඩි වෙමින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යා අනාවැකි අංශයේ අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ.


පවතින අධික උණුසුම් තත්ත්වය හේතුවෙන් මිනිස් ශරීරය තුළින් දහදිය පිට වීම වැඩිපුර සිදු විය හැකි බවත් ඒ සමග ජලය සහ ළවණ ද ශරීරයෙන් පිටවීම හේතුවෙන් විජලන තත්ත්වයක් ඇති විය හැකි බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

එවැනි තත්ත්වයන් තුළින් රෝග ලක්ෂණ කිහිපයක් මතු විය හැකි බවයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පැවසුවා.


දරුවන්ටද ජලය සහ ස්වභාවික දියර පාන වැඩි වශයෙන් ලබාදීමට කටයුතු කරන ලෙසයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පැවසුවේ.