Saturday, July 27, 2024

General line - 0115112241

කොළඹ ජම්පටා වීදියේ වෙඩි තැබීමක් - පුද්ගලයෙකු රෝහල්ගත කරයි




කොළඹ, ජම්පටා වීදිය නිව්හැම් චතුරස්‍රය ප්‍රදේශයේ කුකුල් මස් අලෙවිසැළක හිමිකරුවකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙන බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම වෙඩි තැබීමෙන් අදාළ පුද්ගලයා තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ මොහොමඩ් රිල්වාන් නමැති 57 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.

වෙඩි ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා වෙළඳසැළ තුළ පුටුවක අසුන්ගෙන සිටියදී යතුරුපැදියකින් පැමිණ තිබූ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු ඔහු අසලට පැමිණ රිවොල්වර  වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර ඇති අතර එයින් එක් වෙඩි ප්‍රහාරයක් එම පුද්ගලයාගේ උරහිස් ප්‍රදේශයට වැදී ඇති බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.